About the School Get link Facebook X Pinterest Email Other Apps July 11, 2019 A. Rathnayake Central College is one of the leading central schools in Sri Lanka and also the sports school of Kandy District. Get link Facebook X Pinterest Email Other Apps Comments
පාසල් ඉතිහාසයෙන් බිදක්... July 12, 2019 දුම්බර සරසවිය ලෙස ජනතාව අතර චිර ප්‍රසිද්ධ වලල තක්සලාවේ ඉතිහාසය 1926 තෙක් දිවයයි. වත්මන් විදුහල පිහිටි භූමියට යාබද ඉඩමක පොල් අතු සෙවන කළ මඩුවක ඇරඹි එය නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව 1944 ජනවාරි 24 වන දින වලල මධ්‍ය විද්‍යාලය ලෙස ආරම්භ කොට තිබේ. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 54ක් බව ලේඛන ගත ව ඇති අතර ආරම්භක විදුහල්පතිවරයා වූයේ පසු ව ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වූ තෙන්නකෝන් විමලානන්ද මැතිතුමායි. 1979. 02. 19. දින සිට ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය ලෙස නම් කර ඇති පාසලේ වර්තමානය වන විට සිසු සිසුවියන් 1500 - 2000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුවර ගුරුවරියන් 100 කට ආසන්න පිරිසක් සේවය කරති. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ද්විතීයික පාසලක් වන අතර අ. පො. ස. උසස් පෙළ සදහා කලා, වාණිජ, විද්‍යා හා තාක්ෂණ ආදී සියලූම විෂය ධාරාවන් කි‍්‍රයාත්මක වේ. අ. පො. ස. සාමාන්‍ය පෙළ හා අ. පො. ස. උසස් පෙළ විභාග වලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගනිමින් වත්තේගම අධ්‍යාපන කලාපයේ ඉහළම ස්ථානයක් උසුලන මෙම පාසලේ ක්‍රීඩා අංශය ජාතික මට්ටමේ මෙන්ම ... Read more
Comments
Post a Comment